Lyrixter

From Lyrics, Chords and Information for Sinhala Songs
Revision as of 13:46, 26 November 2017 by Drcyber (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search
 හැඳින්වීම

සිංහල ගීත රසිකයන් හට අන්තර්ජාලය සපයන්නේ අමිල සේවාවකි. ගීයක් ශ්‍රවනය කිරීමේ සිට එහි පද හා තනුව සෙවීමට අද අප පලමුව යොමු වන්නේ අන්තර්ජාලයටයි. මේ වෙබ් අඩවියේ අරමුණ සිංහල ගීතයක පද, තනුව, දායක පිරිස හා ඒ හා සබැඳි පසුබිම් කතා එකම තැනකින් නොමිලයේ පරිශීලනය කළ හැකි තැනක් සෑදීමයි. එසේම මෙම කර්තව‌්‍යට උචිතම හා පහසුම මඟ රසිකයන් විසින්ම 'විකි' ආකෘතියට තම දැනුම බෙදා ගැනීම බව අපගේ අදහසයි. ඔබට හැකි පමණින් මෙම ගීතකෝෂය පිරවීමට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් දායක වන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම අඩවියේ ඇති සුවිශේෂත්වයක් නම් සිංහල අක්ෂර සමග ස්වර සංඝාත (chord) සටහන් යෙදීමට ඇති හැකියාවයි. එසේම ගීතයේ අඩංගු chord ගිටාරයෙන් වයනා ආකාරයද ප්‍රදර්ශනය කෙරේ. මෙය ගිටාර පුහුණු වන ආධුනිකයන්ට හා chord සටහන් පරිශීලනය කරන්නන් හට මහත් පිටිවහලක් වෙනු ඇත. අපගේ ගීතකෝෂයට අලුතින් ගීත එකතු කිරීම හෝ එහි ඇති ලිපි සංස්කරණය බොහෝ පහසුය. මෙහි ඇති උපකාර පිටු කියවා අවශ‌්‍ය දැනුම ඉක්මනින්ම නතු කරගත හැක. ඉහළම මට්ටමේ සිංහල ගීත එකතුවකට කෙටි කලෙකින්ම මෙම අඩවිය පරිණාමය කිරීමට ඔබගේ දායකත්වය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 දැනුම්දීම්
 සතියේ ගීතය